ආදරණීය දුවේ පුතේ, ගුරු භවතුනි, දෙමව්පියනි..
තාක්ෂණික ක්‍රියාවලියක් මගින් මානව ජීවිත හසුරුවන තත්ත්වයකට පත්ව ඇති වර්තමාන ලෝකය තුළ, අධ්‍යාපනය යනු එක්තරා තරගයකි. එම තරගයෙන් ජයග්රහණයන් හිමි කර ගැනීමට නම් නිරන්තර පුහුණුවීම් අත්‍යවශ්‍ය ය. අධ්‍යාපනය නොමැති නම් ඔබට ගමනක් නැත. පුහුණුවීම් නොමැති නම් ජයග්රහණයන් කරා පියනැගිය නොහැකි ය.
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ, සිසුන්ට මුහුණ දීමට සිදු වන ප්‍රධාන විභාග තුන වන, පහ වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ යන කඩඉම් විභාග තුන ජය ගැනීමට මේ සතතාභ්‍යාසය හෙවත් නිරන්තර පුහුණුව ප්‍රබල පිටිවහලක් වෙයි. එම පුහුණුවට සිසුන් යොමු කරමින්, පාසල් සිසුන් සඳහා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන සියලු ම කඩඉම් විභාගවල පසුගිය ප්‍රශ්න පත්රවලට පිළිතුරු සැපයිය හැකි මාර්ගගත වේදිකාවක් සකස්කර දීමට lankaexam.lk වෙබ් අඩවිය ගෙන ඇති උත්සාහය අගය කළ යුතුය. කාලය කළමනාකරණය කර ගනිමින් බහුවරණ සහ රචනා ප්‍රශ්න පත්රවලට පිළිතුරු සැපයීමටත්, එම පිළිතුරුවල නිවැරදි බව සහ ලකුණු ලබා දීමේ පටිපාටිය බලා ගැනීමටත් හැකිවීම හේතුවෙන්, ඔබ ආකර්ෂණීය ලෙස මේ වෙබ් අඩවිය සමඟ රැඳෙනු ඇත.
තම සිසුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවන ගුරුවරුන්ට ද සිසුන් ඉහළට ඔසවා තබන්නට මෙම වෙබ් අඩවිය වේදිකාවක් වනු නොඅනුමාන ය. මේ හරහා සිසුන් වෙත ප්‍රශ්නපත්‍ර යොමු කිරීමට සහ ඒවායේ ඇගයීම් කටයුතු කිරීමට ද තමාගේ විෂයන්ට අදාළ පන්ති නිර්මාණය කර ගැනීමට ද ගුරුවරුන්ට අවස්ථාව හිමි වීම මෙහි සුවිශේෂී වාසියක් ලෙස දකිමි. ඉහළ අධ්‍යාපන අවස්ථා අහිමි, ඈත දුෂ්කර ගම්මානවල දරුවන්ට ද, තාක්ෂණය උපයෝගී කරගෙන අධ්‍යාපන අභියෝග ජය ගැනීමට lankaexam.lk වෙබ් අඩවිය මහඟු අත්වැලක් වනු ඇත. ‘කැලේ පිපුණු මල් කැලයේ පරවී යාමට නොදී’ නගරයේ දරුවන්ට මෙන් ම ගම්බද ප්‍රදේශවල දරුවන්ට ද අධ්‍යාපනයේ ජයටැඹ කරා පිය නැගීමට මෙම වෙබ් අඩවිය විසින් සිදු කරනු ලබන සත්කාර්යය අගයමි.
විභාග කඩඉම් හමුවේ නොසැලී ජයග්‍රහණ ලබන්නට දරුවන්ට මග කියාදෙන lankaexam.lk වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයට ද වෙබ් අඩවිය පරිශීලනය කරන දූ පුතුන්ට සහ ගුරු භවතුන්ට ද සුබ පතමි.
විදුහල්පති
හ/ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය
ධනුෂ්ක මුදලිගේ