ආදරණීය ගුරු භවතුනි, ආදරණීය දෙමාපියනි, ආදරණීය දුවේ පුතේ..
වර්තමානයේ ඉතා ම තරගකාරී අධ්‍යාපන රටාවක් අප රට තුළ පැවතිය ද පාසල් දරුවන් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ප්‍රධාන විභාග තුනට අදාළ පසුගිය ප්‍රශ්නපත්‍ර අන්තර්ජාලයේ එකම ස්ථානයකින් ලබා ගැනීමටත්, පිළිතුරු ලිවීමටත් අවස්ථාවක් නොමැත. නමුත් මෙරට ප්‍රථම වරට හඳුන්වා දෙන lankaexam.lk වෙතින් ශිෂ්‍යත්ව විභාගයට, අ:පො:ස: සාමාන්‍ය පෙළ විභාගයට සහ අ:පො:ස: උසස් පෙළ විභාගයට අදාළ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර මෙන් ම වාර විභාග ප්‍රශ්නපත්‍ර ද ලබා ගැනීමට හැකියාව ඇත.
දරුවන්ට නිකරුනේ වැය වන කාලය ඉතිරි කර ගෙන තම නිවසේ සිටම lankaexam.lk වෙත පිවිස අදාළ ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු ලිවීමෙන් තම හැකියාව මෙන්ම තමන්ට අදාළ විෂය කරුණු කොතෙක් දුරට ග්‍රහණය කර ගෙන තිබෙනවාද යන්න පිළිබඳව තමන් විසින් ම මැන බලා ගත හැකිය. මෙය ස්වයං ඉගැන්වීමකි. මෙහි විශේෂත්වය නම් එවෙලෙහි ම තමන්ට අදාළ ප්‍රශ්න පත්‍රයට හිමි ලකුණු ප්‍රමාණය දැක බලා ගත හැකි වීමයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට වුවද තනිව තම ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලිවීමේ හැකියාව ඇති අතර විශේෂයෙන් ම ප්‍රාථමික දරුවෝ තාක්ෂණය භාවිතය සඳහා ද නිරායාසයෙන් ම හුරුවක් ලබති. මෙය ද සුවිශේෂී කරුණකි.
අ:පො:ස: සාමාන්‍ය පෙළ දරුවන්ටත්, අ:පො:ස: උසස් පෙළ දරුවරුන්ටත් තනිවම අදාළ ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු ලියා ලබා ගන්නා ලකුණු අනුව තම දුර්වලතා මගහරවා ගැනීම සඳහා ප්‍රතිකර්ම යෙදිය හැකිය.
මෙම lankaexam.lk නිර්මාණය කළ නිර්මාණකරුවන්ට ද තුති පුදමි. මෙය දරුවන්ට පමණක් නොව ගුරුභවතුන්ට මෙන්ම දෙමව්පියන්ට ද මහඟු අත්වැලක් වනු නොඅනුමාන ය. lankaexam.lk වෙත පිවිසෙන ආදරණීය දරුවන් සියලු දෙනාටත්, ආදරණීය ගුරු භවතුන්ටත් මාගේ ආදරණීය සුබපැතුම් එක් කරමි.
විදුහල්පති
නදීකා ධර්මදාස
බප/ජය/ගුණසේකර විද්‍යාලය,
අතුරුගිරිය.