ආදරණීය සිසු දරුවනි, ගුරු භවතුනි..
විභාග කේන්ද්‍ර කර කරගත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉහළ ලකුණක් හිමිකරගන්නා දරුවන්ට ඉහළ ඉගෙනුම් අවස්ථා හිමිවේ. එවැනි අධ්‍යාපනික පසුබිමක ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය යන සුවිශේෂී කඩඉම් විභාගවලින් ඉහළ ම සාමර්ථ්‍යය
ලබා දීම සඳහා lankaexam.lk වෙබ් අඩවිය, online මගින් විධිමත්ව සකස් කොට ඇති ඇගයීම් ක්‍රමය ඉතා වැදගත් වේ.
මේ සඳහා දරුවන්ට තනිව ම සම්බන්ධ විය හැකි ය. වෙබ් අඩවිය ඔස්සේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සපයන සිසුන්ට, තමාගේ පිළිතුරුවලට ලකුණු ලබා දිය හැකි ස්වයං ඇගයීම් ක්‍රමයක් මෙමගින් හඳුන්වා දී ඇත.
විභාගයකට මුහුණ දෙන දරුවන්ට විභාගය ළං වන විට වටිනා ම සම්පත වන්නේ කාලයයි. අන්තර්ජාලයේ එකම ස්ථානයකින් සියලු විෂයන්ට අදාළ සියලු ම ප්‍රශ්නපත්‍ර සොයා ගත හැකි වීම හේතුවෙන් දරුවන්ගේ අගනා කාලය ඉතිරි කරගත හැකිවේ.
මේ අනගි අවස්ථාව හිමි කර ගැනීමට කටයුතු කරන්නේ නම් එය ඔබගේ අධ්‍යාපන කටයුතුවලට මහත් රුකුලක් වන බව විශ්වාස කරමි. lankaexam.lk වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයට ද මෙය පරිශීලනය කරන සිසු දරුවන්ට හා ගුරු භවතුන්ට ද ආශිර්වාද කරමි.
තෙරිපැහැ ධම්මාලංකාර හිමි
සහකාර විදුහල්පති
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය