Logo-LankaExam - lankaexam.lk

Hear What Educational Professionals are Saying About LankaExam.lk

චන්දන රත්නායක – අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්), හම්බන්තොට.

ආදරණීය දුවේ පුතේ, දෙමව්පියනි, ගුරුභවතුනි,

 

විශ්වය ම තාක්ෂණික ගෙමිදුලක් බවට පත් වී ඇති වර්තමානයේ, තරගකාරී අධ්‍යාපන රටාවකට අනුගතව සිය ජීවිත ඉලක්ක හඹා යන්නට අපගේ දරුවන්ට සිදුව ඇත. එහිදී දහතුන් වසරක පාසල් අධ්‍යාපනය තුළ හමුවන ප්‍රධාන කඩඉම් විභාග තුන වන පහ වසර ශිෂ්‍යත්වය, අ:පො:ස: සාමාන්‍ය පෙළ සහ අ:පො:ස: උසස් පෙළ යන විභාග ජයග්‍රහණ වෙනුවෙන් අධිෂ්ඨානශීලීව කැප විය යුතුය.

විභාග සාමර්ථ්‍යයක් සඳහා පසු ගිය විභාග ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු ලිවීම අනිවාර්ය අධ්‍යාපනික අවශ්‍යතාවක් බවට පත්වෙද්දී, ප්‍රශ්නපත්‍ර පොත් සොයා යමින් වෙහෙසෙන්නට දරුවන්ට මෙන් ම දෙමව්පියන්ට ද සිදු වේ. එවන් පසුබිමක, ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන සියලු ම කඩඉම් විභාගවල පසුගිය ප්‍රශ්නපත්‍ර එක ම වෙබ් අඩවියක් තුළ අන්තර්ගත කොට, මාර්ගගත ක්‍රමය ඔස්සේ එම ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු ලිවීමට තාක්ෂණික ඉඩක් වෙන් කර දෙන්නට lankaexam.lk වෙබ් අඩවිය විසින් දරන ලද මේ මාහැඟි ප්‍රයත්නය අගය කළ යුතුය.

දරුවන්ගේ අවධානය රඳවා තබා ගත හැකි පරිදි, චිත්තාකර්ෂණීය ලෙස නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය පරිශීලනය මගින්, ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපයීම අධ්‍යාපනික අවශ්‍යතාවක් පමණක් නොව විනෝදාංශයක් මෙන් ම දෛනික හුරුවක් ද ලෙස දරුවන්ගේ ජීවිත තුළ වෙනසක් ඇති කරනු ඇත. තම දරුවන්ගේ දක්ෂතා සහ දුර්වලතා හඳුනාගනිමින් ඔවුන් අධ්‍යාපනයේ හිණිපෙත්ත මුදුනට ඔසවා තබන්නට දෙමාපියන්ට ද ගුරුවරුන්ට ද lankaexam.lk වෙබ් අඩවිය මගින් මහඟු අවස්ථාවක් සැලසෙනු ඇත.

දැයේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවක් මෙවන් වෙබ් අඩවියක් මගින් නිර්මාණශීලීව එළි දක්වන්නට කැපවූ lankaexam.lk වෙබ් අඩවියේ නිර්මාණවේදීන්ගේ අතිමහත් ප්‍රයත්නය ඉත සිතින් අගය කරමි. ආදරණීය දූපුතුන්ට, දෙමාපියන්ට සහ ගුරුභවතුන්ට මෙම වෙබ් අඩවිය මහෝපකාරී අධ්‍යාපනික තක්සලාවක් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

lankaexam.lk කාර්ය මණ්ඩලයට ද, එහි සමස්ත ලාංකේය පරිශීලක ප්‍රජාවට ද සුභාශිංසන කරමි.

 

 

 

 

 

චන්දන රත්නායක,

අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්),
හම්බන්තොට.